(කිඹුල්) කඳුලු

ශීතල
ගං දියෙහි
නිදහසේ පිහිනනා
මස්ටකයින් දැක

කියමින් දුක්වෙති
කොකුන්
අනේ ඒ සීතලේ ගැහෙනා
මසුන්

1 ක් අදහස් දක්වලා.:

බස්සි (Yash)

ඇසෙයි නෑසෙයි
මත්ස්‍ය මැසිවිලී,
නීල දිය,
රම්‍ය ජලකර පුෂ්ප,
වස කම්මැලී,
දැකල දැකලාම
අමිහිරී
සිහිල් ගං දියරැළී.....

තරුණ කොක්
මහතාණ,
ඉවුරු අස ගැවස ඇස්
ඉඟිපාන,
ඉන්න මම දිය මතට එමි පෙම
පුරවාන,
යංද අපි අල්ලන්න රන් පැහැ
ඉරපාන?

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්